හරි අද මං කියලා දෙන්න යන්නේ කොහොමද Internet පාවිච්චි කරලා තනියෙම ඉගෙන ගන්නෙ කියලා.
මේක තවත් එක්තරා පාසල් අධ්‍යාපන ක්‍රම විදියක් නෙවෙයි!, මගේ Blog වලින් මං ඔයාලට උගන්වන්න හදන්නේ ජීවිතය ට වටින ව්‍යාපාරමය පාඩම්.
එහෙනම් අපි කතාව පටං ගමු!
මුලින්ම මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න කැමති!
ඔයාලා දැනට Internet - අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ මොන දේවල් වලට ද?
ඔව් මං දන්නවා ඔයාල ගොඩක් Internet පාවිච්චි කරන්නේ Social Media වලට කියලා.
ඒත් ඔයාලා නිකමට හිතුවද Internet එක පාවිච්චි කරලා තමන්ගේ දැනුම වැඩි කරගෙන ඒ දැනුමෙන් අලුත් දෙයක් කරන්න සහ හොද ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන් කියලා?
Social Media වලයි Video Games වලයි වටිනා කාලය නාස්ති නොකර ඒ වෙලාවේ තමන්ගේ අනාගතය ට වටින දෙයක් කරගන්න දැනටම ඔයාලට අවශ්‍ය දේ ඔයලා ලගම තියෙනවා !!
Smartphone
Computer
Internet ????
ඔව් ඇත්තෙන්ම අද කාලේ තමන්ට ඉගෙන ගන්න සහ අලුත් දෙයක් කරන්න හොදම දේවල් තමයි මේවා.
ඔයාලා හිතන් ඉන්න විදිය නෙවෙයි Computer එකක් Smartphone එකක් කියන්නේ!, විශේෂයෙන් ම Computer එක
අපි Computer එක ගැන කතා කරොත් Computer එක කියන්නේ ඉතා වටින Tool එකක් අලුත් දෙයක් සහ වැඩක් කරන්න හදන කෙනෙකුට.
ඔයාලා ගාව දැනට තියෙන Computer එකෙන් ඔයාලා මොනවද කරන්නේ?
Internet පාවිච්චි කරලා Social Media වල මුලු දවසම නාස්ති කරනවා ඇති එහෙමත් නැත්නම් Computer Games සෙල්ලම් කර කර කාලේ කනවා ඇති,
එහෙමත් නැත්නම් Computer එකෙන් DvD Movies - Torrents වලින් Data කපාගෙන් Films TV Series Download කරගෙන කාලේ අපතේ යවනවා ඇති.
එහෙම නේද?
ඒත් විශේෂයෙන් Computer එක තියෙන්නේ මේ දේවල් වලට නෙවෙයි.
අද කාලේ Computer Gaming ජනප්‍රිය වුනාට එදා කාලේ ඉදලා ම Computer එකක් නිර්මාණය වුනේ මිනිසුන් ගේ එදිනෙදා ව්‍යාපාරම ය සහ කන්තෝරු වැඩ වලට.
තොරතුරු වලට අනුව මේ ලෝකේ නිර්මාණය වෙච්ච මුල්ම Computer එක වෙලා තියෙන්නේ Calculator එකක්!
ඔව් ගණිතමය ගැටලු විසදීමට පාවිච්චි කරන ගණක රාමුවක්. ඉතින් ඒ වගේ අද වෙනකනුත් පරිගණකය ගොඩක් පාවිච්චි වෙන්නේ සහ ගොඩක් වැදගත් වෙන්නේ ව්‍යාපාරමය හා ඉගෙනීමේ කටයුතු වලටයි.
ඇත්තම කිව්වොත් මටත් මේ දේවල් තේරුම් ගන්න ගොඩක් කල් ගියා වැඩී. මට දැන් හිතෙනවා මේ දේවල් මං කලින් මීට අවුරුදු 5ට විතර කලින් දැනගෙන හිටියා නම් මං අද හොද තැනක ඉන්නවා නේද කියලා.
ඉතින් මගේ ඒ පසුතැවීම ගොඩක් දැනෙනවා ත් එක්කම, ඒ නිසාම මම ඔයාලට මේ දේවල් කියලා දෙන්න හිතුවේ ඔයාලටත් ඒ පසුතැවීම ලැබෙනවා ට මම කැමති නැති නිසයි.
ඇයි මම මේ දේවල් කියලා දෙන්නේ?
මේ දේවල් ඔයාලට කියලා දෙන්න එක හේතුවක් තමයි උඩ කියලා තියෙන්නේ!, අනිත් කාරනා තමයි ලංකාවේ ගොඩක් සාර්තක මිනිස්සු එයාලගේ දැනුම තවත් කෙනෙකුට බෙදා දෙන්න කැමති නෑ හෝ උවමනාවක් නැති කම, නැත්නම් කාර්යබහුල වැඩි කම නිසා වෙන්න පුලුවන්.
අන්න ඒ හේතුවත් එක්ක මටත් ඒ කාලේ මේ දේවල් කියලා දීලා මගේ හරි පෙනුම ලබා දෙන්න, අන්තර්ජාලය තුලින් මාව මේ දේවල් වලට යොමු කරන්න, මාව දිරිමත් කරන්න අපේ ලංකාවේ කවුරුත් හිටියේ නෑ. නැත්නම් මට හොයාගන්න බැරි වෙන්න ඇති, ඒත් 2015 වගේ ඉදලා මං ගොඩක් කාලය ගත කලේ අන්තර්ජාලය සමග, ඉතින් මට ඒ වෙනකොට ධනය මය පාඩම් දෙන Influencer ලා හම්බෙලා නෑ ඇත්ත කතාව ඕකයි, දන්න විදියට. ඒත් 2018 වගේ මෑතක ඉදලා ලංකාවේ ධනය මය Influencer ලා ඒ කිව්වේ මුදල් සම්බන්ධ පාඩම් දෙන පුද්ගලයන් දකින්න පුලුවන් සැලකිය යුතු ප්‍රමාණයක්. සහ මට ඒ ගැන ගොඩක් සතුටුයි.
ඉතින් මේ නිසා තමයි මං ඔයාලට කියලා දෙන්න හදන්නේ මං කොහොමද අන්තර්ජාලය (Internet) පාවිච්චි කරලා තනියෙම ඉගෙන ගත්තෙ කියලා.
හරි අපි කතාව පටං ගමු,
මුලින්ම කියන්න යන්නේ මම කැමතිම සව්‍යං ඉගෙනීමේ හැකියාව තියෙන අන්තර්ජාල වෙබ් අඩ්විය ගැන, මේක නොමිලේ ඒත් ගොඩක් ලංකාවේ මිනිස්සු දන්නෙ නෑ කොහොමද මේ වෙබ් අඩවියෙන් ප්‍රයෝජනය ගන්නෙ කියලා.
1 - Youtube - youtube.com
මේ වෙබ් අඩවිය ගැන දැනට 2019 ලංකාවේ ගොඩක් තරුන ලමයි දන්නවා. ඒත් එයාලා දන්නේ නෑ මේකෙ වටිනා කම.
Youtube යූ ටියුබ් එක ප්‍රදාන වශයෙන් නොමිලේ - Free සහ යූ ටියුබ් එකේ සල්ලි ගෙවලා Paid වීඩියෝස් ගන්නත් පුලුවන්.
ඇත්තටම Youtube Free හොදටම ඇති අලුතෙන් පටං ගන්න කෙනෙකුට.
හරි කොහොමද Youtube එකෙන් ඉගෙන ගන්නෙ?
හිතන්න ඔයාට English ඉගෙන ගන්න ඕන,,
මං ඒ වගේ වෙලාවට කරන්නේ Youtube එකට ගිහිල්ලා Search කරනවා
(English Lessons in Sinhala නැත්නම්
English for Beginners)
මෙහෙම Search කරාට පස්සෙ යූ ටියුබ් එකේන් පෙන්නනවා ගොඩක් Video ඉංග්‍රීසි පාඩම්, සමහර Videos සිංහලෙන් හෝ English භාෂාව. සහ මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ පාඩම් ඔයාලට කියලා දෙන්නේ Video එකකින් ඉතින් ඔයාලට පන්තියක ට ගිහිල්ලා English ඉගෙන ගන්නවා වගේ පහසුකම් ඇතිව තමන්ගේ උවමනාවත් ඇතිව යූ ටියුබ් එකෙන් ඉගෙන ගන්න පුලුවන්!.
මේ විදියට අනිත් හැම දෙයක් ගැනම ඔයාට යූ ටියුබ් හරහා දැනුම ලබාගන්න පුලුවන් උදාහරණයක් කිව්වොත්, ඔයාට ඕන ඔයාගේ Phone එකේ Google Play Store එකේ Apps Auto Update වෙන එක නවත්තන්න, ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Youtube ගිහිල්ලා හොයන්න How to stop auto update apps in playstore මෙහෙම type කරාට පස්සෙ ලේසියෙන්ම ඔයාට ඔයාගේ වැඩේ කරගන්නේ කොහොමද කියලා බලාගන්න පුලුවන්.
හැබැයි මං කියන්නේ නෑ හැම කාන්ඩයකින්ම පාඩම් මාලා යූ ටියුබ් එක ඇතුලෙ ඉගෙන ගන්න පුලුවන් කියලා. මොකද මං මෙහෙම කියන්නේ සමහර විශයන් අතින් යූ ටියුබ් වල පාඩම් අඩුයි, විශේෂයෙන් සිංහල භාෂාවෙන්. ඒත් ඔයාලට පුලුවන් තමන්ට ඉගෙන ගන්න ඕන විශය ගැන Youtube එකේ වීඩියෝ පාඩම් තියෙනවා ද කියලා හොයලා බලන්න සහ තව එක දෙයක්, ඔයාලා Youtube එකේ පාඩම් හොයනකොට සමහර වෙලාවට Search කරන එක වචනෙකින් පාඩම් එන්නෙ නැති වෙන්න පුලුවන් මුල් සැරේ ඒක නිසා ඔයාගේ විශයට සම්බන්ධ හැම වචනෙකින් ම හොයලා බලන්න.
ඊලඟට මං කියන්න යන්නේ Search Engine සහ Website Blogs ගැන
Google google.com
Google හෝ වෙනත් Yahoo/Bing/AOL/Ask/Yandex Search Engines ගැන ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවා ඒත් එයාලා දන්නවා ද හරියට දෙයක් හොයලා දැනුමක් ලබාගන්න ?
හිතන්න ඔයාට ඕන Web Developer කෙනෙක් වෙන්න ඒ කිව්වේ අන්තර්ජාල වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න, එහෙම නම් ඔයා එකට කරන්න ඕන Google එකේ
(How to become a web developer නැත්නම් Learn Web Development එහෙමත් නැත්නම් Web Development for beginners)
සහ ඔයාලට English වචනයක හෝ වෙනත් භාෂාවක වචනයක තේරුම දැනගන්න ඕනෙ නම් සරලව Search කරන්න, උදාහරණයක් (Equal meaning නැත්නම් තනි වශයෙන් Equal, search කරලා ඔයාලට තේරුම් හොයාගන්න පුලුවන්. සහ Google Translate පාවිච්චි කරලා ඕන භාෂාවකින් වචන වල තේරුම් බලා ගන්න පුලුවන්. හැබැයි Google Translate වල භාෂා වචන පරිවර්තනය සීයට 100% නිවැරදි නෑ, ඒක නිසා ඔයාලා භාෂා පරිවර්තනය කරද්දී කල්පනාවෙන්!.
සරලව හොයලා බලන්න (Search) කරන්න. එහෙම කරාම එන Websites වල තියෙන Articles නැත්නම් Blogs ලිපි කියවලා ඔයාට අවශ්‍ය දැනුමක් ලබාගන්න උත්සාහ කරන්න!. මේ විදියට ඔයාලට පුලුවන් Google පාවිච්චි කරලා ඔයාලගේ ප්‍රශ්න වලට විසදුම් අන්තර්ජාලය තුලින් හොයාගන්න.
හරි අපි ඊලඟ එකට යමු
Udemy Courses - udemy.com
Udemy Courses ගැන කිව්වොත් මේක විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ ඉගෙනුම සදහා යි. Udemy කියන්නෙ අන්තර්ජාල වෙබ් අඩවිය ක් ඒ වෙබ් අඩවියෙන් කරන්නේ එක එක විශයන් වලින් Video පාඩම් මාලා ඔවුන්ගේ Website එක හරහා අන්තර්ජාලය ට ලබා දීම ය. මේකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි Udemy වලින් ඕනම කෙනෙකුට තමන්ගේ Video පාඩම් මාලා Udemy හරහා අන්තර්ජාලය ට ඇතුලත් කරන්න පුලුවන් පහසුකම ලබා දීමයි,
ඔයා ගුරුවරයෙකු නම් හෝ පාඩම් මාලා සැකසීමට දැනුමක් ඇත්නම් ඒ මුදල් ගෙවලා හෝ නොමිලේ නැරඹීමට ඔයාගේ Video පාඩම් මාලා Udemy වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ට ලබා දිය හැක එ විදියට අමතර ආදායම් මාර්ගයක් හදාගන්නත් පුලුවන්.
සරලව කිව්වොත් Udemy කියන්නේ ඔයාට ගිහිල්ලා ඔයා කැමති විශයකින් පාඩම් මාලා (Courses) මුදල් ගෙවලා නැත්නම් නොමිලේ (Udemy website එකේ තේරුම සල්ලි ගෙවලා පාඩම් මාලා ගන්න එක) ඒත් දැනට සැලකිය හැකි ප්‍රමාණයකින් Udemy Free Courses ලබාගන්න පුලුවන්. ඉතින් ඒ වගේ ඔයාලා බය නැතුව මේ Websites වලට ගිහිල්ලා මේවා අත්හදා බලන්න.
හරි අපි යමු 4වෙනි එකට,
Coursera Courses - coursera.com
Coursera ගැන කතා කරොත් මේක Udemy එකට සමාණයි ඒත් මේකේ විශේෂත්වය තමයි මෙයාලා එයාලගේ Courses කරන්නේ ලෝකේ ඉහළ University සහ Organizations එකතු කරගෙන, ඉතින් ඒකේ තේරුම තමයි Coursera පාඩම් මාලා වලින් ඉගෙන ගන්නවා කියන්නේ ඉහළ University එකකින් ඉගෙන ගන්නවා කියන එක. සහ මේ වෙබ් අඩවියෙන් ඉගෙන ගෙන ඔයාලා ට ඒ අංශයෙන් සහතිකයක්ද ලබා ගන්න පුලුවන්, සහ ඔයාලාට ඕන නම් Degree එකකට වුනත් ඉල්ලුම් පත්‍ර දෙන්න පුලුවන් ඒත් Degree එකක් ගන්නවා නම් ලොකු මුදලක් ගෙවීමට වෙනවා, උදා: $9000 ලංකාවේ සල්ලි වලින් රු.1620000ක ඉදන් ඉහලට වගේ මුදලක් අවශ්‍ය වෙනවා.
Courses වල මිල ගනන් කතා කරොත්,
Coursera එකේ සමහර Courses ඔයාලට නොමිලේ Audit වශයෙන් ලබාගන්න පුලුවන්, එතකොට ඔයාලට වැඩ පැවරුමක් වත් සහතිකයක් වත් හම්බෙන්නේ නෑ, ඒත් ඔයාලට සහතිකයක් අවශ්‍ය නම් පස්සේ ඒ Course එක Upgrade කරලා ඒ කිව්වේ මුදල් ගෙවලා සහතිකයක් ලබාගන්න පුලුවන්. සහ මේකෙ Courses මුදල් ගෙවලා ගන්නකොට දෙ විදියක් තියෙනවා, එකක් තමයි, එක පාරක මුදල් ගෙවීමක් කරලා ගන්න. අනිත් එක තමයි මාසික ගෙවීම් වශයෙන් ගන්න එක. මේකේ Courses $40 වගේ ඉදලා ඉහලට තියෙනවා. සහ මාසිකවත් $35 ආසන්න ඉදලා ඉහලට බලාගන්න පුලුවන්. මේක, Course එකෙන් Course එකට වෙනස් වෙනවා, ඉතින් ඔයාලට ගැලපෙන එක හොයලා බලලා ගන්න.
සහ කියන්න ඕන මේකේ Offline පාඩම් Download කරලා තියාගෙන බලන්නත් පුලුවන්. මං ඔයාලට කියන්නේ, ලේසිම දේ ඔයාලා Coursera Mobile App එක දාගෙන ඒකෙන් පාඩම් Download කරගෙන කැමති වෙලාවක බලන්න.
ඔයාලට ඉහළ University අධ්‍යාපනයක් ලබාගන්න ආසාවක් උවමනාවක් තියෙනවා නම් සහ ඔයා කැමති විෂයකින් සහතිකයක් ලබා ගන්න ඕන නම් Coursera පාවිච්චි කරලා බලන්න.
හරි ඊලඟ එකට යමු, 5ස් වෙනි එක,
OpenCulture Free Courses - openculture.com
OpenCulture ගැන කතාකරොත් මේක ගොඩක් වටින්නේ Free ඉගෙන ගන්න හොයන කට්ටිය ට, මොකද මේකේ ඔක්කොම වගේ පාඩම් මාලා (Courses) නොමිලේ ලබා දෙන ඒවා, ඉතින් ඔයාලා ට කිසිම මුදල් ගෙවීමක් කරන්නෙ නැතුව හොද අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්. සහ මේ වෙබ් අඩවියෙන් ඔයාලා ට Online Courses / Audio Books / eBooks ලබාගන්න පුලුවන්. මේ වෙබ් අඩවියෙන් ලෝකයේ විවිධ විශ්‍වවිද්‍යාල උදා: Standford / Harvard / MIT ආදී විශ්‍වවිද්‍යාල වල පාඩම් මාලා ලබාගන්න පුලුවන්.
ඊලග එක,
Edx Courses - edx.org
edx ගැන කතා කරොත් මේකත් Coursera එකට සමානයි, edx කරන්නෙත් ලෝකයේ ප්‍රසිද්ධ විශ්‍වවිද්‍යාල වලින් ඒ කිව්වේ Harvard / MIT වගේ ප්‍රසිද්ධ සහ ප්‍රබල විශ්‍වවිද්‍යාල වලින්, ඉතින් ඔයාලට හොද ඉහල අධ්‍යාපනයක් ලබාගන්න කැමති නම් ගෙදර ඉදලා ම, හෝ ඔයාලාට Campus එකකට යන්න විදිහක් නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට උවමනාව තියෙනවා නම් ගෙදර ඉදලා ම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. සහ කලින් සදහන් කරා වගේ Coursera එකෙන් වගේ මේකෙනුත් ඔයාලා ට Certificate එකක් සහතිකයක් ලබාගන්න පුලුවන්. සහ Degree එකක් වෙනකං යන්න පුලුවන්, මේකෙත් Coursera එකේ වගේම Degree එකකට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා, ඉතින් ඒ ගැන මතක තියාගෙන අපි මේකේ Courses වල මිල ගනන් කතා කරමු.
මේකෙ Courses වල මිල ගනන් කතා කරොත්, Professional නොවන පාඩම් මාලා ඔයාලට නොමිලේ Audit Lectures වශයෙන් ලබාගන්න පුලුවන්. සහ ඔයාලට සහතිකයක් අවශ්‍ය නම් ඒකට මුදල් ගෙවීමක් කරන්න අවශ්‍යයි, එම වෙබ් අඩවියේ සදහන් කරන විදියට $50 ඉදලා $300 වෙනකන් මිල ගනන් වෙනස් වෙන්න පුලුවන්, සහ ඒක Course එකෙන් Course එකට වෙනස් වෙනවා.
හරි ඊලග එක...
Lynda Courses from LinkedIn - lynda.com
Lynda Courses ගැන කතා කරොත් මේක හදුන්වලා දෙන්නේ LinkedIn සමජ් ජාලය නිර්මාණය කරපු ව්‍යාපාරයෙන්. ඔයාලා LinkedIn ගැන දන්නේ නැත්නම්, මං පොඩි සදහනක් කරන්නම්, LinkedIn කියන්නේ සමාජ ජාලයක්, ඒ කිව්වේ Social Media එකක්. ඔව් Facebook වගේ ඒත් මේක විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ ව්‍යාපාරමය පුද්ගලයන් ට. ඒ කිව්වේ LinkedIn සමාජ ජාලය නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ ව්‍යාපාරම ය හැකියාවන් අනිත් ව්‍යාපාර පුද්ගලයන් ට පෙන්වීමට සහ අනිත් ව්‍යාපාරම ය පුද්ගලයන් සමග ඇසුරු වීමට. කතා බහ කරලා අදුරගෙන, තමන්ගේ හැකියාව ට තමන්ට රැකියාවක් හොයා ගැනීමට. හෝ ව්‍යාපාරයක ට හැකියාවන් ඇති පුද්ගලයන් සොයා ගැනීමට පහසු වෙන විදිහ සමාජ ජාලයක්. ඉතින් ඔයාලා හිතලා බලන්න, මේකත් ලෝකේ හොද පිලිගත් ඉගෙනීමේ වෙබ් අඩවියක්, සහ මේකෙ තියෙන හොද දෙයක් තමයි ඔයාලට මාසිකව $25 ක් වගේ පොඩි මුදලක් ගෙවලා Courses විශාල ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් වීම.
Lynda Courses වල මිල ගනන් කතා කරොත්, මේ වෙබ් අඩවියේ Courses ගන්න පහසුකම් ලබා දීලා තියෙන්නේ මාසික මුදල් ගෙවීම් වශයෙන්. ඔව් ඔයාලට මේකෙන් ඉගෙන ගන්න ඕන නම් මාසික ගෙවීමක් කරන්න වෙනවා.
විස්තර වලට අනුව Lynda Courses වලට මාසිකව $25 කින් පටන් ගන්න Membership එකට ඔයාලට අසීමිතව පාඩම් මාලා ලබාගැනීමේ හැකියාව තියෙනවා, නමුත් මේ $25 මුදලට ඔයාලට පොඩි සීමා බෑවුම් බලාගන්න පුලුවන්. ඔයාලට මේ ආරම්භක $25 මුදලේ සාමාජිකත්වයට, පාඩම් Download කරගෙන Offline Phone එකකින් බලන්න හැකියාව ලැබෙන්නෙ නෑ.
ඒකට ඔයාලට මාසික $38 සාමාජිකත්වයක්. හෝ $375 Premium Yearly සාමාජිකත්වයක් ලබාගන්න පුලුවන්.
මං කියන්න කැමති ඔයාලා මේ දේවල් අත් හදා බලන්න බය වෙන්න එපා, හැම හොද දෙයක් ම උත්සාහ කරලා බලන්න. ඒ වගේම මං කියන්න ඕන Lynda / Coursera / Udemy / Edx මේ වෙබ් අඩවි ඔක්කොගෙම පාඩම් බලාපොරොත්තු වෙන්න වෙන්නේ English භාෂාවෙන් ඉතින් ඔයාලා ට ඉංග්‍රීසි භාෂාව යම්තාක් දුරට දැනුමක් අවශ්‍ය වෙනවා මේ වෙබ් අඩවි වලින් ප්‍රයෝජන ගන්න නම්!.
මං ඉස්සරහට ඉංග්‍රීසි තනියෙම කම්මැලි නැතුව ඉගෙන ගන්න පුලුවන් ක්‍රම විදිහි මගේ අත්දැකීම් එක්ක සහ තව විස්තර හොයාගෙන ඔයාලට කියලා දෙන්න අරගෙන එන්නම්.
එතකම් අපි ඊලග එකට යමු,
Khan Academy Free Courses - khanacademy.org
Khan Academy එක ගැන කතා කරොත් මේක ත් Free, Non Profit ඉගෙනීමේ වෙබ් අඩවියක්. ඔව් මං කලින් කියපු අනිත් වෙබ් අඩවි වගේ ලෝක ප්‍රසිද්ධ හොද ඉහල දැනුමක් ලබාගන්න පුලුවන් ඉගෙනීමේ වෙබ් අඩවියක්. නොමිලේ ලබා දෙන සහ ලාබ බලාගෙන නැතුව කරන ඉගෙනීමේ වෙබ් අඩවියක්. ඔයාලට නොමිලේ ඉගෙන ගන්න හොද තැනක් ඉතින් ඔයාලාට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් ගෙදර ඉදලා ඉගෙන ගන්න පුලුවන්.
සහ සදහන් කරන්න ඕන, ඔයාලා කැමති නම් Khan Academy වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න සහ ඔයාලා කැමති නම් මේ වෙබ් අඩවිය ට පොඩි මුදල් පරිත්‍යාගයක් Donation එකක් කරන්න අමතක කරන්න එපා. මොකද මේක සම්පුර්ණ නොමිලේ සහ ලාබ බලාගෙන කරන දෙයක් නොවන නිසා.
මං මේ වෙබ් අඩවි ගැන සම්පුර්ණ විස්තර කරන්න යන්නෙ නෑ. කෙටියෙන් අවශ්‍ය දේ සහ දන්න දේ කියලා දෙන්නම්, ඉතින් ඔයාලා ට වැඩි විස්තරයක් අවශ්‍ය නම් අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බලන්න, නැත්නම් තමන් විසින්ම අත්හදා බලන්න බය නැතුව, එහෙම බලලා අත්දැකීමක් ගන්න. සහ දන්නෙ නැති දෙයක් තියෙනවා නම් Google & Youtube එකේ හොයලා බලන්න. නැත්නම් පල්ලෙහා Comment කරලා මගෙන් අහන්න, දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියලා දෙනවා.
හරි ඊලග එක..
Hubspot Business Courses - hubspot.com
Hubspot ගැන කිව්වොත් මේක විශේෂයෙන් ම ව්‍යාපාරම ය ඉගෙනීමේ වෙබ් අඩවියක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ ව්‍යාපාර අංශය සහ ව්‍යාපාර දියුණුව හැදෑරීම සදහා යි. ඉතින් ඔයාලා ව්‍යාපාර පැත්තෙන් ඉගෙන ගන්න කැමති නම්, හෝ තම්න්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩි පුහුණුවක් අවශ්‍ය නම් මෙන්න ඔයාලට තැන. විශේෂයෙන් ව්‍යාපාරයක ට අවශ්‍ය software මෘදුකාංග උදා; Marketing Tool, Sales Tool, CRM Tool වගේ මෘදුකාංග. සහ Courses සහ Ebooks, Blogs වගේ ව්‍යාපාර පිලිබඳ විවිධ දේවල් වලින් දැනුම ලබාගන්න පුලුවන්.සහ ඔයාලට මේ වෙබ් අඩවියෙන් පාඩම් සම්පුර්ණ කරලා Certificate සහතිකයක්ද ලබාගන්න පුලුවන්.
කිව්වොත් දැන් වෙලාව රෑ 1.24 අද Dec 15. රෑ හරි ලියන්න හිතුවේ මේක මං දැන් මාස ගානක වෙලේ ඉදන් ලියන්න උත්සාහ කරනවා, ඒත් වැඩයි, කරදර නිසායි ලියන්න හම්බුනේ නෑ. හරි ඊලග එක,
Codecademy Programming HTML, C++, PHP, Java, Python - codecademy.com
Codecademy ගැන කතා කරොත් මේක ඔයාලට කියන්න දෙයක් නෑ, නමින් ම තේරෙනවා මොන දේ ඉගෙන ගන්න ද මේ වෙබ් අඩවිය තියෙන්නෙ කියලා. ඔව් මේක සම්පුර්ණ Programming නැත්නම් Coding ඉගෙන ගන්න නිර්මාණය කරපු වෙබ් අඩවියක්. ඔයාලට ආසාවක් හෝ උවමනාවක් තියෙනවා නම් මෘදුකාංග නිර්මාණය කිරීමට හෝ ඒ පිලිබඳව ඉගෙනීමට, මේක තවත් හොද තැනක් ඔයාලට ගෙදර ඉදන්ම මෘදුකාංග නිර්මාණය සහ තාක්ෂණය ඉගෙනීමට සහ අත්හදා බැලීම ට. මේ වෙබ් අඩවියෙන් ඔයාලට දැනට ප්‍රසිද්ධ හා ප්‍රබල Coding Languages මෘදුකාංග සැකසුම් භාෂාවන් උදා; HTML, CSS, Python, C++, Javascript, SQL, Bash/Shell, Java, PHP, Ruby, Swift, R, Go ආදී ප්‍රබල සහ ප්‍රසිද්ධ මෘදුකාංග සැකසුම් භාෂාවන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා Coding නොහොත් Programming ඉගෙන ගන්න ආසයි නම් නැත්නම් ඔයාලා වෙනත් Tec හෝ IT Campus එකක ඉගෙන ගන්න ගමන් Lectures වලට අමතර පුහුණුවක් ඉගෙනුමක් අවශ්‍ය නම් මේ වෙබ් අඩවියේ උදව්වෙන් ඔයාලට සාර්ථක ව හොද අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්.
මේකේ මිල ගනන් කතා කරොත්, මේකෙත් ඔයාට මාසික ගෙවීමක් වශයෙන් තමයි මුදල් ගෙවන්න වෙන්නෙ, ඔයාලට මාසිකව $16 ට Pro Membership එක ගන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ ඔයාලට මුදල් ගෙවලා ගන්න බැරි නම්, මේකේ Free Basic Membership එකක් තියෙනවා, ඒත් ඒක සීමාසහිත වෙනවා සහ Phone එකෙන් කරන්න පුලුවන් දේවල් සහ Daily Exercises, ඒ කිව්වේ දවස ගානේ ලැබෙන පැවරුම් පුහුණු සීමාසහිත වෙන නිසා, ඔයාලා කොහොම හරි මාසිකව $15.99 ගෙවලා සම්පුර්ණ සාමාජිකත්වය ගන්න බලන්න.
හරි ඊලග එක,
W3Schools for Programming, Coding - w3schools.com
W3Schools නොහොත් World Wide Web අඩවිය ගැන කතා කරොත්, මේකත් ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්, Programming - Coding වලට. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේක සම්පුර්ණයෙන් ම නොමිලේ ලබා දීම. ඒත් මේ වෙබ් අඩවි දේකේ, කලින් කිව්ව Codecademy එකෙයි, W3Schols එකෙයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ Video බලාගෙන නෙවෙයි. මේවාගේ තියෙන්නේ Image or Written Examples & Excercises, ඒ කිව්වේ රූප උදාහරණ සහ උදාහරණ ලිපි වශයෙන්, සහ ඔයාලට තියෙන්නේ ඒවා බලාගෙන ඒ වෙලාවට දෙන පැවරුම් පුහුණු කිරීම. ඒ විදියට ඔයාලට පහසුවෙන්, නිදහසේ ඉගෙන ගන්න පුලුවන්. නමුත් කලින් කිව්වා වගේ මේ වෙබ් අඩවි වල ඉගෙනුම ලබාගන්න නම් සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා.
W3Schools සහ Codecademy වෙබ් අඩවි වල උගන්නන සහ ඉගෙන ගන්න තියෙන විදිය පෙන්නුවොත්,
උදා;W3Schools.
උදා;Codecademy.
මෙන්න මේ විදියට තමයි ඔයාලට මේ වෙබ් අඩවි දෙකෙන් Programming - Coding ඉගෙන ගන්න තියෙන්නේ. දැකපු ගමන් අමාරුයි වගේ හිතෙනවා නම්, බය වෙන්න එපා, අත්හදා බලන්න.
හරි ඊලග එකට,
Guru. Lk සිංහල Courses - guru.lk
Guru.lk ලංකාවේ Udemy කිව්වොත් හරි ද?, අනිවාර්යයෙන්ම, ඔයාලට සිංහලෙන් ඉගෙන ගන්න හොද තැනක්. ලංකාවේ දැනට තියෙන හොදම සහ පහසුකම් තියෙන වෙබ් අඩවියක් කිව්වොත් නිවැරැදි. සහ මේකේ ඔයාලට Primary Education 1-5. O/L. A/L. Certificate Courses. Banking & Finance. Office Skills, Professional Courses. IT Technology වගේ ගොඩක් දේවල් සිංහලෙන් ඉගෙන ගන්න හැකියාව තියෙනවා.සහ මේ වෙබ් අඩවිය ට වෙනම Mobile App එකක් ද තියෙන නිසා, ඔයාලට පහසුවෙන් ඔයාලාගේ Phone එක පාවිච්චි කරලා ඉගෙන ගන්න ද හැකියාව තියෙනවා. මේකේ පාඩම් මාලා බලාගන්න පුලුවන් Video Lessons විදියට.
මේකේ මිල ගනන් කතා කරොත්, ඔයාලට සමහර පාඩම් මාලා නොමිලේ ලබාගන්න පුලුවන්, ඒත් ඔයාලට නොමිලේ පාඩම් මාලා බලාගන්න වෙන්නේ සීමිත ප්‍රමාණයක්. සහ මුදල් ගෙවලා ඔයාලට පාඩම් මාලා ගන්නත් පුලුවන්. Guru.lk වල Courses මුදල් ගෙවලා ගන්න ක්‍රම දෙකක් තියෙනවා, එකක් තමයි One Time Payment එකක් හෝ Daily Subscription Plan එකක්. ඔයාලට මිල ගනන් බලාගන්න පුලුවන් Rs.1000 - Rs.4000 වගේ One Time Payment Fees. සහ Rs.4 - Rs.50 අතර Daily Subscription Plans බලාගන්න පුලුවන්. ඉතින් ඔයාලා පාඩම් මාලා ගන්න කලින් ඒවගේ මිල ගනන් හොයලා බලලා ගන්න.
අපි ඊලග එකට යමු, මේක ටිකක් වෙනස් Udemy - Coursera වගේ නෙවෙයි. මේක ගොඩක් දුරට සමාන වෙන්නේ Youtube එකට.
Ted or Tedx Talks Videos & Audio - කතා සහ සාකච්ඡා වලට ඇහුම් කන් දීලා ඉගෙන ගන්න.
මේක ගැන කිව්වොත්, මේක අනිත් රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ මාතෘකාවක්. මේකට Ted කියනවා TedX Talks කියනවා. කලින් කිව්වා වගේ මේක සමාන Youtube වලට. සහ මේකෙ ඔයාලට ඉගෙන ගන්න වෙන්නෙ වෙනස් විදියකට, කොහොමද කිව්වොත් මේකේ තියෙන්නේ ගොඩක් වගේ සාකච්ඡා Videos. ඒ කිව්වේ, මේකේ ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ එයාලා Videos වල කතා කරන ඒවා බලාගෙන සහ අහගෙන. ඔව් අනිවාර්යයෙන්ම මේකෙන් ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි දැනුමක් අත්‍යවශ්‍යයයි. මේකේ තියෙන වටිනාකම ගැන කිව්වොත්, මේකේ ගොඩක් ලෝක ප්‍රසිද්ධ මිනිස්සුන් ව ගෙන්නලා ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා, එතකොට ඔයාලට ඒ ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ අත්දැකීම් සහ පාඩම් වලින් ඉගෙන ගෙන ඔයාලාගේ ජීවිතය හදාගන්න පුලුවන්. සහ මේකෙ විවිධ මාතෘකා ගැන සාකච්ඡා බලාගන්න පුලුවන්, ඉතින් ඔයාලා කැමති මාතෘකාවක් තෝරගෙන බලන්න පුලුවන්. සහ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ, ඉතින් ඔයාලට මුදල් ප්‍රශ්නයක් නැතුව ඉගෙන ගන්න පුලුවන්.
ඉතින් කලින් කිව්වා වගේ, ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මේ දේවල් අත්හදා බලන්න සහ මේවා පාවිච්චි කරලා ඉගෙන ගන්න බලන්න.
ඊලග එක ගැන කිව්වොත් Podcast එකක්.
Google Podcasts or just (Podcast)
ඔයාලා කලින් අහලා නැත්නම් මොකක්ද Podcast කියන්නේ කියලා, මේක Radio එකක් වගේ, ඒත් අපිට පුලුවන් අපි කැමති දේවල් විතරක් අහන්න. උදාහරණයක් කිව්වොත් හිතන්න ඔයා කැමති Business හෝ Entrepreneurship ගැන ඉගෙන ගන්න, එතකොට ඔයාලට පුලුවන් මේකේ Search කරන්න ඔයාලාගේ කැමති මාතෘකාව, එතකොට එනවා ඒ මාතෘකාව ගැන සාකච්ඡා හෝ උගන්නන නාලිකා. සහ මේක ඉගෙනීමට විතරක්ම නෙවෙයි, News, Gossip, Stories වගේ ගොඩක් මාතෘකාවන් සම්බන්ධ වෙන දෙයක්. සහ මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට ඒ නාලිකා වල තියෙන Audio ඔව් ශබ්ද පට. ඔයාලට කැමති එකක් තෝරගෙන අහන්න පුලුවන් සහ ඔයාලට ඒ ශබ්ද පාඩම් Download කරලා පස්සේ නිදහසේ අහන්න තියාගන්නත් පුලුවන්. මේකේ සිංහලෙන් නම් වැදගත් දේවල් බලාගන්න වැඩිය නෑ, ඒත් ඔයාලට Google Web Search කරලා සිංහල Podcast හොයාගන්න පුලුවන්. ඔයාලා මේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ ගොඩක් වටින ශබ්ද පාඩම් බලාගන්න පුලුවන් ඉංග්‍රීසි භාෂාවෙන්, ඉතින් ඔයාලට ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා සිංදු අහනවා වෙනුවට මේ වගේ දැනුම වැඩි කරගන්න දෙයක් කරන්න බලන්න.
ඇත්තටම මේක ගොඩක් වටිනවා ඉගෙන ගන්න අයට.
ඊලගට කියන්න යන්නේ වෙබ් අඩවියක්වත්, නොමිලේ හම්බෙන දෙයක්වත් ගැන නෙවෙයි.
MyMasterLk මෘදුකාංග Video පාඩම් මාලා
මුලින්ම කියන්න ඕන මේකෙන් මට සල්ලි දීලා නෑ එයාලව Promote කරන්න කියලා. මං කියන්නේ මට මේක හොදයි කියලා හිතුන නිසා. සහ මං තාම මෙයාලගේ පාඩම් මිලදී අරන් අත්හදා බලලා නෑ. මං හිතන්නේ මේක හොද සහ වටින වැඩක්, මෙයාලගේ පාඩම් මාලා බලාගන්න පුලුවන් මෘදුකාංග සම්බන්ධ දේවල් සිංහලෙන් කියලා දෙනවා Video පාඩම් විදියට. ඔයාලට බලාගන්න පුලුවන් Microsoft Word, Excel එතකොට Adobe Photoshop සහ Computer Basics වගේ ගොඩක් වටින පාඩම් මාලා බලාගන්න පුලුවන්. සහ මේක මං කලින් කියපුවා වගේ නෙවෙයි, mymaster.lk එකේ ඔයාලට තියෙන්නේ එයාලගේ පාඩම් මාලා Video තැටි වශයෙන් මිලදී ගන්න. mymaster.lk වෙබ් අඩවියෙන් විතරයි මං දන්න විදියට එයාලගේ පාඩම් මිලදී ගන්න පුලුවන්. සහ මං ඔයාලට කියනවා මේකත් උත්සාහ කරලා බලන්න, මට විස්වාසයක් තියෙනවා මේකෙන් ඔයාලට වැඩක් වෙයි කියලා. මං වැඩි දෙයක් මේක ගැන කියන්න දන්නේ නෑ මට අත්දැකීමක් නැති නිසා. ඒත් ඔයාලට MyMasterLk Youtube චැනල් එක බලාගන්න පුලුවන්, ඒකේ එයාලගේ පාඩම් වල කෙටි හැදින්වීම් බලාගන්න පුලුවන්.
ඔයාලට MyMasterLk එකෙන් පාඩම් තැටි ගන්න ඕන නම් මෙන්න දුරකථන අංකය - 0773241602. නැතිනම් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් විස්තර බලාගන්න පුලුවන් mymaster.lk
හරි ඊලග එක, මේක Magazine එකක් අත්දැකීම් තියෙන තරුණ ලොක්කෙක්ගෙන්!.
INTERNET JOBS Magazine by DilinaBiz
මේක ගැන කියන්න හිතුවේ, මාත් Order කරා INTERNET JOBS Magazine එකක්. මේ Magazine එක හදන්නේ Dilina Dakshila Molligoda කියන අඩු වයසකින් ලංකාවේ Rich Kid කෙනෙක් වුන Entrepreneur කෙනෙක්. ඔයාලා දන්නේ නැත්නම් Youtube එකේ පොඩ්ඩක් හොයලා බලන්න Dilina Dakshila කියලා, මෙයාගේ සැලකිය යුතු ප්‍රමාණයක් Interviews - සාකච්ඡා තියෙනවා Youtube එකේ සිංහලෙන්. සහ Dilina Dakshila ගැන මම කෙටි සදහනක් කරන්නම්
Dilina Dakshila ගේ පලවෙනි රැකියාව ගැන කිව්වොත්, එයා වැඩ කරලා තියෙන්නේ Garage ගරාජ් එකක. හිතන්න අඩු වයසෙදිම ගරාජ් එකක වැඩ කරා කිවුවම?
අද කාලේ සමහර තරුණ ලමයි ඉන්නවා රැකියාවක ට යන්න ලැජ්ජයි තියෙන ආඩම්බර කම නිසා. එයාලාගේ කම්මැලි කමට හෝ යාලුවො දකී කියලා හෝ පෙම්වතිය දැනගනී කියලා, ඒත් අන්තිමට එයාලට, එයාලගේ ආඩම්බර කමවත් යාලුවො වත් ඉතුරු වෙන්නෙ නෑ, ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි.
කතාවට; Dilina Dakshila ගේ දෙවනි රැකියාව ගැන කිව්වොත් බස් කොන්දොස්තර කෙනෙක්. හ්ම්ම්ම් මේ Blog එක කියවන කී දෙනෙක් කැමති ද මේ රැකියාව කරන්න ? ඇත්ත කතාව කිව්වොත් අපි ලොකු තැනකට යන්න නම් පොඩි තැනකින් පටන් ගන්න ඕන. එහෙම නැතුව එක පාට්ට ධනවත් වෙන්න පුලුවන් නම් මේ ලොකේ ඔක්කොම මිනිස්සු ධනවත් වෙන්න ඕන. ඒකයි ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ හොද දැනුමක් ලබාගෙන සාර්ථක ජීවිතයක් හදාගන්න.
කතාව; Dilina Dakshila ගේ පලවෙනි ආදායම වෙලා තියෙන්නේ රුපියල් 372.16ක්. App Promote කරලා ලබාත්ත පලවෙනි ආදායම. සහ ඔහුගේ පලවෙනි Car එක අරන් තියෙන්නේ වයස අවු 17 දි, ඒ ඔහු විසින්ම හම්බ කරපු සල්ලි වලින්. සහ මේ වෙනකොට ඔහුට Luxury Vehicles සුඛෝපභෝගී වාහන 7ට වැඩියෙන් තියෙනවා Lamborghini එකක් සහ BMW i8 එකක් සහ Land Rover Defender Suv එකක්. සහ මේ වෙනකොට ඔහු වැඩ කරන්නේ Software Engineer කෙනෙක් විදියට. සහ ඔහුගේ රැකියාව ට අමතරව ව්‍යාපාර රැසක් ද බලාගන්න පුලුවන්. මේ වෙනකොට දැන් 2020 අවුරුද්දේ ඔහුගේ වයස කිව්වොත් අවු 21 - 22 ඇති ඔහු සදහන් කරපු විදියට. ඉතින් මේ වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ලැබීම සතුටක් සහ ඔහුට ස්තූතියි වන්ත වෙන්න ඕන ලංකාවේ ලමයින්ට අත්වැලක් වෙනවට!
ඔයාලා යාලුවො එක්ක රස්තියාදු ගගහා ඉන්න වෙලාවේ හෝ Phone එකෙන් Computer එකෙන් Games ගගහා ඉන්න වෙලාවේ මේ වගේ වටින පොතක් පතක් කියවලා දැනුම වැඩි කරගන්න උත්සාහ කරන්න. මේක මිල කිව්වොත් මං Order කරනකොට රු.480ක් කිව්වේ සහ මේක මාසිකව නිකුත් වෙන Magazine එකක්. ඔයාලට මේ Magazine එකක් ගන්න ඕනේ නම් මෙන්න Number එක - 0775312165 මෙයාලට Whatsapp කරන්න. නැත්නම් ඔයාලට DilinaBiz Magazine Facebook Page එකේ බලන්න පුලුවන්. ඉතින් මේ වගේ දේකට මාසෙට රු.480ක් වියදම් කරාට පාඩු නෑ, ඔයාලා ඔය මත්ද්‍රව්‍ය වලටයි Games වලටයි, තේරුමක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරනවාට වඩා. මේ දේවල් කිව්වා කියලා මාත් එක්ක තරහා වුනාට කමක් නෑ, මොකද මං කිව්වේ ඇත්ත නිසා.
හරි ඊලග ට මම කතා කරන්න යන්නේ Youtube Influencerස්ලා ගැන, ඒ කිව්වේ Youtube එකෙන් උගන්නන කට්ටිය. උගන්නනවා කිව්වේ මේ පාසල් අධ්‍යාපන ක්‍රම නෙවෙයි. නමුත් මුදල් උපයන ක්‍රම විදි ගැන.
Youtube Influencers ලංකාවේ සහ පිට රටවල.
මං මේකෙන් කියන්න යන්නේ මං දන්න සහ මට හොදයි කියලා හිතෙන Youtube Influencersලා ගැන.
මං කැමති පලවෙනියට ලංකාවේ මුදල් පාඩම් සහ අනිකුත් වටින පාඩම් දෙන Youtube Channels ගැන. හරි එහෙනම් මුලින්ම.
Keshan Hareshu Stock Market & Rich Life Lessons.
මට හම්බුන ලංකාවේ ගොඩක් වටින Youtube Channel එකක්. මට මතකයි 2017 දී වගේ Stock Market සහ Investing ගැන සිංහලෙන් ඉගෙන ගන්න මං ඒ කාලේ Youtube එකේ ගොඩක් හෙව්වා ඒත් මට සම්පූර්ණ පැහැදිලි Videos හම්බුනේ නෑ. මේ Keshan Hareshu අයියාට ස්තූතියි වන්ත වෙන්න, මං Colombo Stock Market සහ Investing ආයෝජනය ගැන ගොඩක් දුරට ඉගෙන ගත්තා. සහ මේ අයියගේ Channel එකේ බලාගන්න පුලුවන් තව ධනයමය පාඩම් සහ ධනවතුන්ගේ ජීවන රටාව ගැන. සහ Motivational Videos ලංකාවේ ලමයින්ට දිරිමත් වෙන්න හොද Channel එකක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම Keshan Hareshu අයියගේ Channel එක ගිහිල්ලා බලන්න.
ඊලග Influencer බලමු,
TecHCD Internet Jobs & Online Earnings
මේ අයියා ගැන කිව්වොත්, මෙයා කරන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා සල්ලි උපයන හැටි. සහ රැකියාව ක් වශයෙන් අන්තර්ජාලයේ කරන්න තියෙන දේවල් ගැන උගන්නන එක. ඔයාලට මේ Channel එකට ගියාම බලාගන්න පුලුවන් අලුත් අලුත් දේවල්. මං මෙතන වැඩි විස්තර කරන්න යන්නේ නෑ, ඔයාලා මේ Channel එකට ගිහිල්ලා හොයලා බලන්න.
ඊලග Influencer,
SL BiZ Stock Market & Business
මේ Channel එක එක්ක මගේ අත්දැකීමක් නෑ, ඒත් Content බැලුවාම පේනවා ඉස්සරහට හොද දේවල් ටිකක් බලාගන්න සහ ඉගෙන ගන්න පුලුවන් Channel එකක් කියලා. ඉතින් ඔයාලා Stock Market Investing සහ Business සම්බන්ධ ව ඉගෙන ගන්න කැමති නම් මේ Channel එකත් බලන්න.
ඊලග Influencer,
Ceylon Geek Digital Marketing & Passive Income.
මේ Channel එක ගැන කිව්වොත්, අලුතෙන් Web Development Wordpress සහ SEO හෝ Digital Marketing ගැන ඉගෙන ගන්න හොද වටින Channel එකක් කියන්න පුලුවන්. මේක මගේ අත්දැකීම් වලට අනුව Wordpress Web Development කරන්න කැමති කෙනෙක්ට ගොඩක් වටිනවා, සහ SEO වගේ වටින දෙයක් ඉගෙන ගන්න පුලුවන්.
ඊලග Influencer,
Code Camp Sri Lanka Web Development & Android Development.
මේ Channel එක ගැන කතා කරොත්, මේක ගොඩක් වටින්නේ Web Development සහ Android App Development ඉගෙන ගන්න කැමති කෙනෙක් ට. ඔයාලට බලාගන්න පුලුවන් C++ පාඩම් සහ Android App සහ Bootstrap Web Designs පාඩම් බලාගන්න තියෙනවා.
ඊලගට මම කියන්න යන්නේ වෙනත් රටවල Influencersලා ගැන.
Gary Vaynerchuk Business & Digital Marketing & Mentoring.
මෙයා ගැන කිව්වොත්, Gary Vaynerchuk පොඩි කාලේ ඉදන්ම මුදල් ඉපයීමට සමත් වුන කෙනෙක්. කෙටියෙන් කිව්වොත්, මෙයා කියන විදියට පොඩි කාලේ Car හෝදලා, Basketball Ticket විකුණලා, Lemonade Franchise විකුණලා මුදල් උපයල තියෙනවා ලු. සහ අවුරුදු 17 දී වගේ එයාගේ තාත්තගේ Wine Store ව්‍යාපාරයේ වැඩ කරා කියලා කියනවා. ඊට පස්සේ එයා එයාගෙම කියලා VaynerMedia ව්‍යාපාරය පටන් අරන් තියෙනවා. මම දන්න විදියට මේ වෙනකොට මෙයාට අයිතිව තියෙන ව්‍යාපාර VaynerMedia. VaynerX. Empathy Wines. සහ මෙයාගේ පාඩම් සම්පූර්ණයෙන්ම නොමිලේ, ඔයාලට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මෙයාගේ Youtube Channel එකට ගිහිල්ලා බලන්න, ඔයාලට හොද ව්‍යාපාරමය සහ ජීවිතය ට දැනුමක් ලබාගන්න පුලුවන්.
හරි ඊලග Influencer,
Dan Lok Business & Marketing
මෙයා ගැන කිව්වොත්, මෙයා විශේෂයෙන් Business Consultant කෙනෙක්. ඒ කිව්වේ මෙයා කරන්නේ, මෙයාගේ ව්‍යාපාරමය දැනුම අනිත් මිනිස්සුන් ට මුදල් වලට උගන්නන එක. අපි Courses කරන්නේ, අන්න ඒ වගේ. ඔයාලට බලාගන්න පුලුවන් මෙයාගේ Youtube channel එකේ වටින ව්‍යාපාරමය පාඩම් සහ Marketing දැනුමක් ගන්න හොද Channel එකක්.
ඊලග Influencer,
Tai Lopez Entrepreneur & Digital Marketing
ඔයාලට හොද ව්‍යවසායක දැනුමක් සහ Digital Marketing දැනුමක් ලබාගන්න හොද Channel එකක්. Tai Lopez ගැන කිව්වොත්, එයා කියන විදියට එයා පොඩි කාලෙම එයාගේ තාත්තා හිරේ ගිහිල්ලා, සහ එයයි අම්මයි බොහොම අමාරු දුප්පත් ජීවිතයක් ගත කරලා තියෙන්නේ, එයා ජීවත් වෙලා තියෙන්නේ Mobile Home එකක, සහ එයාගේ බැංකු පොතේ තිබිලා තියෙන්නේ $50 ක් වගේ ඉතා පොඩි මුදලක්. ඒත් මේ වෙනකොට ඔයාලට බලාගන්න පුලුවන් Tai Lopez හැම මාසෙම මුදල් තෑගි සහ Cars නොමිලේ තෑගි වශයෙන් එයාගේ සමාජ ජාල වල ඉන්න පුද්ගලයන් ට ලබා දෙනවා. සහ එයා සදහන් කරන විදියට ලොකයේ ලොකුම Online Book Store එකට හිමිකම් කියනවා. ඒත් කනගාටුවෙන් හෝ කියන්න ඕනේ Tai Lopez ගේ හොද සහ සම්පූර්ණ පාඩම් ලබාගන්න වෙන්නේ මුදල් ගෙවලා. සහ ඒවා ටිකක් මිල වැඩී, ඒත් ඒවා ඒ මිලට වඩා ගොඩක් වටිනවා කියලත් මම දන්නවා. ඉතින් ඔයාලට Tai Lopez ගේ Courses ගන්න ඕනේ නම් මේ වෙබ් අඩවිය ට ගිහිල්ලා ගන්න පුලුවන් www.tailopez.com
හරි ඊලග Influencer,
Simon Sinek Author & a Motivational Speaker
මෙයා ගැන කිව්වොත්, ඇත්තටම ජීවිතයට හොද පාඩම් ලබා දෙන කෙනෙක්. ව්‍යාපාරමය සහ එයින් ඔබ්බට, ජීවිතය පිලිබඳ වටිනා පාඩම් සහ උපදෙස් ලබා දෙන කෙනෙක්. මෙයා කතුවරයෙක් සහ Motivational Speaker කෙනෙක්, ඒ කිව්වේ අනිත් මිනිස්සුන්ව දිරිමත් කරන්න කතා සාකච්ඡා කරන කෙනෙක්. Simon Sinek ගේ ග්‍රන්ථ ගැන සදහන් කරොත්, Start with Why. The Infinite Game. Leaders Eat Last. Together is Better. Truly Human. Find Your Way. වගේ ජීවිතයට වටිනා ග්‍රන්ථ කීපයක් එලිදක්වලා තියෙනවා.
ඊලග Influencer,
Robert Kiyosaki Author of Rich Dad Poor Dad Book.
ඔයාලා Rich Dad Poor Dad පොත කියවලා නැත්නම්, ඔයාලාගේ පල්වෙනි ව්‍යාපාරමය පොත වශයෙන් මම සහතික කරනවා (ධනවත් පියා දිලිඳු පියා) ග්‍රන්ථය අද හෙටම අරගෙන කියවන්න කියලා!. මොකද ඒ පොතෙන් අපිට මුදල් සම්බන්ධ ඉතා වටිනා පාඩම් ලබා දෙනවා. සහ ඒ පොතෙන් කියලා දෙනවා තමන්ගේ හැගීම් මුදල් ඉදිරියේ පාලනය කරගන්න විදිය. සහ මුදල් හසුරුවන ආකාරය සහ ආයෝජන ක්‍රම. ආදායම් බදු වගේ ඉතා වටින දේවල් ටිකක් ඔයාලට ඒ පොතෙන් බලාගන්න පුලුවන්. සහ Robert Kiyosaki එලිදක්වපු ගොඩක් මුදල්මය පාඩම් පොත් බලාගන්න පුලුවන්. සහ මේ The Rich Dad Youtube Channel එකෙන් ඔයාලට Robert Kiyosaki ගේ අලුත් පාඩම් සහ සාකච්ඡා බලාගන්න පුලුවන්.
ඊලග Influencer,
Tony Robbins Author & a Life Coach.
Tony Robbins ගැන කිව්වොත්, මෙයා හොද කතුවරයෙක් සහ ව්‍යාපාරිකයෙක්, ඊටත් වඩා හොද Motivational Speaker කෙනෙක්, කලින් සදහන් කරා වගේ, මිනිස්සුන් ව දිරිමත් කරන්න, හොද වටිනා පාඩම් සහ උපදේශන ලබා දෙන කෙනෙක්. ඇත්තටම මගේ අත්දැකීම් වලට අනුව, මොහුගේ මේඑ පාඩම් සහ උපදේශන ගොඩ වටිනවා අපේ ජීවිත වලට. මොහු එලිදක්වපු ග්‍රන්ථ කිව්වොත්, Unlimited Power. Awaken The Giant Within. Unshakable. Money Master වගේ ඉතා ප්‍රසිද්ධ සහ වටින පොත් කීපයක් ම එලිදක්වලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙයාගේ Youtube Channel එක බලන්න සහ කැමති නම් මෙයාගේ පොතක් අරන් කියවලා බලන්න.
ඊලග Influencer,
Neil Patel Digital Marketing & SEO Tips.
ඔයාලට SEO(Search Engine Optimization) සහ Digital Marketing ගැන සහ අලුත් වන ක්‍රම විදි ගැන ඉගෙන ගන්න ඕනේ නම් මෙන්න තැන. Neil Patel ගැන කිව්වොත් මෙයා Indiaවේ පුද්ගලයෙක් සහ මෙයා SEO & Digital Marketing ශ්‍රේස්ත්‍රයට ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. සහ ඔහුට හොද දැනුමක් ද තියෙනවා ඔහු කරන දේ පිලිබඳ. මට සහතික කරන්න පුලුවන් SEO & Digital Marketing සහ Trends වගේ දේවල් ඉගෙන ගන්න හොද Channel එකක්.
ඊලග Influencer,
Kevin David Earning Online & New Stuff
මේ Channel එක Recommend කරන්න හේතුව තමයි, ඔයාලට මේ Channel එකෙන් අන්තර්ජාලයෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද සහ අලුත් ක්‍රම විදි වගේ දේවල් ඉගෙන ගන්න පුලුවන්. ඔයාලට බලාගන්න පුලුවන් අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම ගොඩක් පෙන්නලා දීලා තියෙනවා සහ අලුත් අලුත් ක්‍රම සහ අලුතෙන් එන දේවල් බලාගන්න පුලුවන්.
ඊලග Influencer,
Ferdy Korpershoek Wordpress & Elementor & Stuff
ඔයාලා Wordpress Web Building සහ Web Page Builder Elementor වගේ දේවල් ඉගෙන ගන්න කැමති නම් මෙන්න තැන. මමත් මගේ Website එක හදන්න පුරුදු වුනේ Youtube එකෙන් බලාගෙන තමයි, සහ ඒකේ ඇති වැරැද්දක් නෑ, සහ වැඩෙත් සාර්ථකව කරගන්න පුලුවන් වුනා. ඒත් මගදී පොඩි සහ ලොකු අවුල් එන්න පුලුවන්, නමුත් ඒක සාමාන්‍යයි මේ වගේ වැඩ කරනකොට. ඔයාලා Wordpress සහ Elementor ගැන තාම දන්නේ නැත්නම්, Wordpress කියන්නේ මුලින්ම Websites වලට Blogs ලියන්න පහසු වෙන්න හදපු එකක්, සහ මේ වෙනකොට මේක යම්තාක් දුරකට දියුණු වෙලා තියෙනවා, දැන් අපිට Wordpress උපයෝගී කරගෙන Coding හෝ Programming දැනුමක් නැතුවම Elementor Web Page Builder එක පාවිච්චි කරලා අපේ වෙබ් අඩවිය අපි විසින්ම Drag & Drop පොඩි දැනුමකින් වෙබ් අඩවියක් හදාගන්න පුලුවන්.
ඊලග Influencer,
Darrel Wilson Wordpress & Elementor Stuff
මේ Channel එකත් අරක වගේමයි, ඔයාලට බලාගන්න පුලුවන් Wordpress සහ Elementor සහ අනිත් අදාළ පාඩම්. Wordpress දේවල් ඉගෙන ගන්න මගේ Top Channel 2ක්. ඔයාලට ගිහිල්ලා අත්හදා බලන්න පුලුවන්. නමුත් තරමක ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා මෙයාලාගෙන් ඉගෙන ගන්නවා නම්.
හරි එහෙන්ම් මේ Blog එක මෙතනින් ඉවරයි, මං මේ Blog එක මාස ගානක වෙලේ ඉදන් ලියනවා, ලියන්න පරක්කු වුනා වැඩයි සහ පොඩි කරදර ටිකකුයි නිසා. සහ මේ දවස්වල මං මගේ Website එක හදනවා. සහ මගේ ව්‍යාපාරය පටන් ගන්න ගොඩක් පරක්කු වෙලා තියෙන්නේ. Website එකත් දැන් මාසයක් විතර හදනවා තාම ඉවර නෑ Lol. තාම ඉතින් Wordpress සහ Elementor ඉගෙන ගන්නවා හදන ගමන්.
ඔයාලට කියන්න තියෙන්නේ, අන්තර්ජාලය පාවිච්චි කරලා ඉගෙන ගන්න සහ ඉගෙන ගත්තු දේවල් ක්‍රියාත්මක කරන්න, බය වෙන්න එපා. ඔයා ඉගෙන ගත්තු දේවල් අත්හදා බලන්න. වැරදුනොත්, ඒ වැරදිච්ච තැන අදුරගෙන ආපහු මුල ඉදලා පටන් ගන්න නැත්නම් වෙනත් දෙයක් උත්සාහ කරන්න.
අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ තමන්ට සහ අනුන්ට හොද දෙයක් කරන්න. ජීවිතය ඉදිරියට ගෙන යන්න, එකම තැන ඉන්න එපා බෑ කියලා හෝ අනිත් මිනිස්සුන්ගේ බලපෑම් නිසා. තමන් ආස කැමති හොද දෙයක් කරලා ජීවිතය ජයගන්න උත්සාහ කරන්න. අතරමගදී වැටෙන්න පුලුවන් ඒත් වැටිච්ච තැන වැටිලාම ඉන්නේ නැතුව මොන මාර්ගයකින් හරි නැගිටලා ඉදිරියට යන්න උත්සාහ කරන්න. මොකද මේ ජීවිතේ අපි වැටිච්ච තැනම හිටියොත් අපිටමයි අවාසි, මොකද අනිත් කවුරුවත් එන්නේ නෑ අපිව නැගිට්ටන්න. ඒ නිසා අපි අපි විසින්ම උත්සාහ කරලා නැගිටලා ඉදිරියට යන්න ඕනේ මොන දේ වුනත් ඒක අපේ අතේ තියෙන දෙයක් සහ අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන එක අණුවයි අපේ ජීවිතය තීරණය වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතය තියෙන්නේ ඔයාගේ අතේ, ඒකට ඔයාගේ දෙමව්පියෝ වත්, ඔයාගේ යාලුවො වත් සම්බන්ධ නෑ. ඔයාගේ ජීවිතේ වගකීම තනිකරම තියෙන්නේ ඔයාගේ අතේ, ඒක නිසා ඔයා ඒ දේ හිතට අරන් දැන් ඉදන් ම ඔයාගේ ජීවිතේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න.
සහ ඊයේ රෑ Jan 11 මම බැලුවා Gary Vaynerchuk ගේ Meeting එකක් Dubai වල. ඒකේ Gary Vaynerchuk සදහන් කරපු එක දෙයක් කියන්න ඕනේ සහ ඒකෙන් ගොඩක් උනන්දුව ඇති වෙන දෙයක්.
ඒ තමයි, ඔහු සදහන් කරා වයස අවුරුදු 22 ක කෙනෙක් තවමත් දෙමව්පියන්ගෙන් යැපෙනවා නම් ඒ කිව්වේ තමන්ගේ වැඩ වලට තාත්තාගෙන්, අම්මාගෙන් සල්ලි බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා ඉන්නේ ලොකු වැරදි වැටහීමක කියලා. සහ ඔහු සදහන් කරා, එහෙම වුනාම අපි ඒ දෙයින් අඩාල වෙනවා සහ අපි විසින්ම දෙයක් කරගන්න පැකිලෙනවා කියලා. සහ ඔහු කලිනුත් සදහන් කරා, සමහර ලමයි හිතන් ඉන්නවා ලු එයාලගේ දෙමව්පියන් එයාලගේ හැම දේකටම සල්ලි දෙන්න ඕනේ කියලා. සහ ඔහු සදහන් කරා ඔවුන් ඒ කාලේ දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලගත්තම තමන්ගේ ව්‍යාපාරය ට, ඔවුන් ඒ මුදල් ආපසු දෙමව්පියන් ට ලබා දෙන බව. ඒත් දැන් කාලේ ලමයි හිතනවා ලූ ඒ මුදල් දෙමව්පියන් විසින්ම ඔවුන්ගේ වගකීමක් වශයෙන් ඔවුන්ට දෙන්න ඕන කියලා. මේක පිට රටවල ට වඩා අපේ ලංකාවේ ගොඩක් වැඩි කාරණයක්, මොකද අපේ ලංකාවේ දෙමව්පියන් හිතන්නේ අඩු වයසින් රස්සාවක් කරන්න හොද නෑ, අවුරුදු 18 - 20 පයිනකන් ලමයින් ට කන්න බොන්න, ඉන්න තැන, ඇදුම්, සහ අධ්‍යාපනය ට මුදල් හැමදේම ලබා දෙන්න ඕන සහ ඒක එයාලගේ වගකීමක් කියලා. සහ ඒකෙන් වෙන්නේ තමන්ගේ ලමයින් ව දුර්වල කරන එක, එතකොට එයාලා දන්නේ නෑ මං මට ඕන දේවල් ගන්න ඕන නම් සල්ලි හම්බ කරන්න ඕනෙ කියලා, මොකද ගෙදරින් හැමදේම සැප පහසුවට හදලා දීලා තියෙන නිසා. මෙහෙම වුනාම වෙන්නේ එයාලා 25 - 30 ව්ගේ වගකීමක් ගන්න තැනක ට ආවම එයාලා හිර වෙනවා සහ කරන්න ඔනේ මොකක්ද කියලා දන්නේ නෑ, (ඇත්තටම ලංකාවේ අපි වගේ ගොබ්බයෝ තමයි අවුරුදු 25 - 30 වගකීමක් ගන්න වයස කියලා හිතන්නේ). පිට රටවල අවුරුදු 13 ලමයි ව්‍යාපාර කරන්නේ සහ තමන්ගේ ජීවිතය තනියෙම හදාගන්න උත්සාහ කරන්නේ. එහෙම බැලුවාම අපි මොක්කුද කියලා හිතෙනවා. ඇත්තටම මටත් මගේ අතීතය ගැන ලොකු පසුතැවීමක් තියෙන්නේ, මටත් මේ දේවල් කලින් ඉදලා ම උවමනා වුනා නම් අද අඩු ගානේ එක ව්‍යාපාරය ක් හරි ගොඩ දාගෙන මටම කියලා.
මේ පසුතැවීම ප්‍රබල නිසයි මං ඔයාලට පුලුවන් විදියට මේ දේවල් කියලා දෙන්න උත්සාහ කරන්නේ. සහ මට ඕන අපෙ ලංකාවේ ලමයින් ව ඉන්න වලෙන් උඩට ගන්න සහ එයාලට පෙන්නන්න මේ ලෝකය ගොඩක් ලොකුයි සහ මුහුදෙන් එහා පැත්තේ ගොඩක් දේවල් තියෙනවා අපි දැකලා වත් නැති.
හරි එහෙනන් 2020 අවුරුද්ද ට ඔයාලට සුබ පතනවා.
සහ මේ Blog එක අනිත් අයටත් බලන්න Share කරලා Support කරන්න, මොකද අපි තනියෙම ගොඩ යන්න හොද නෑ, අපි හැමෝම එකට ගොඩ යමු! ජය වෙවා.
👌
ReplyDelete