ඔයා අද දවසේ මොනවාද කර කර හිටියේ?
ඒ කරපු දේවල් ඔයාට වැදගත් ද?
ඒ දේවල් කොහොමද ඔයාගේ අනාගතය ට
වැදගත් වෙන්නේ?
ඔයා ඒ දේවල් කරේ ඇයි?
හිතන්න හොදට හිතලා බලන්න!
අපි ගොඩක් දේවල් කරන්නේ අපේ සතුට ගැන හිතලා ඒත් ඔයලා හිතුවද අපි ගොඩක් ලබාගන්න සතුට තාවකාලික සතුටක් කියලා?
හිතන්න අපි පොඩි කාලේ සෙල්ලම් කරනවා, Tv එකේ Cartoon බලනවා, විනෝදයෙන් ඉන්නමයි ඕනේ.
ලමා කාලයේදී අපිට ජීවිතය ගැන තියෙන දැනුම පොඩ්ඩක් හිතලා බලන්න?
ඒ දැනුමත් එක්ක ඔයාගේ දැන් තියෙන දැනුම සසඳා බලන්න!
හිතන්න ඔයා ඔයාගේ ලමා කාලයේදී කරපු හෝ නොකරපු දේවල් ගැන ඔයාට පසුතැවීමක් ඇති වෙනව ද?
ඔයාට හිතෙනවද "ඇයි මං එහෙම කරේ, නැත්නම් "අපරාදේ මං ඒ දේ කරේ නැත්තේ, කියලා?
දැන් ඔයාගෙ දැන් තියෙන දැනුමත් එක්ක ඔයාගේ අනාගතයේ ඇති වෙන්න පුලුවන් කලකිරීම් ගැන හිතලා බලන්න!.
හිතන්න ඔයාට ඕන මොනවාද ?
කොහොමද ඒ දේවල් ලබා ගන්නෙ ?
ඔයාට ඔයාගේ දැන් තියෙන ජීවිත පසුබිම (ආර්ථිකය) එක්ක ඔයාට ඕන දේවල් ලබාගන්න පුලුවන් ද?
කොහොමද ඔයාට ඕන දේවල් වලට අවශ්‍ය ධනය රැස් කරන්න වැඩ කරන්නේ?
ඔයාට ඔයාගෙ අනාගතයේ දී මොනවාද ඕන?
ඔයාට ඔයාගේ අනාගතයෙදී ඕන දේවල් ලබාගන්න ඔයා දැන් මොනවාද කරන්න ඕන?
ඔයාගේ ආර්ථික පසුබිම අනාගතයෙදී මොන වගේ වෙයිද?
ඔයා දැන් දුප්පත් නම් ඔයා අනාගතයෙදීත් දුප්පත් වෙන්න ඕන ද?
ඔයා දැන් පෝසත් නම් ඔයාගේ ධනය ඔයාගේ අනාගතයටත් ඇති වෙයිද ?
හිතන්න හොදට හිතන්න! ඔයාට මොලයක් හම්බෙලා තියෙන්නේ හිතන්න!
කල්පනා කරලා හිතලා බලන්න ඔයාට ඕන තාවකාලික සතුට ද නැත්නම් තමා විසින් කැපවීමෙන් හදාගත් සාර්තක අනාගතයක් ද?
ඔයාලා හොදටම දන්නවා නේද ඔයාලට මොනවා හරි ලබාගන්න නම් මුදල් හෝ ශ්‍රමය (තමංගේ කාලය හා ශක්තිය වැය කිරීම) ඕන වෙනවා කියලා?,
එහෙම නැතුව අපි උඩ බලාගෙන තාවකාලික සතුට ගැන විතරක් හිත හිත ඉන්න ගියොත් අපිට ඕන ඕන දේවල් උඩින් වැටෙන්නෙ නෑ, එහෙම වුනාම ඔයාලා වයසට ගියාම කලකිරීමෙන් ජීවත් වෙන්න වෙන්නේ -
"ඇයි මං අරහම කරේ නැත්තේ?
"ඇයි මට ඒ දේවල් කලින් කරන්න හිතුනෙ නැත්තේ?
"මං අරහම කරා නම් මං අද හොද තැනක ඉන්නවා නේද කියලා?
"මගේ මෝඩකම හා උවමනාවක් නැති කම නිසා නේද අද අපි දුක් විදින්නේ කියලා?
"එදා මං කම්මැලි නැතුව මගේ අනාගතය ට වැඩ කරා නම් මං අද මෙහෙම දුක් විදින්නේ නෑ.
මේ ඉතා සුලු පසුතැවීම් කීපයක් පමණයි!.
සමහරු හිතාගෙන ඉන්නවා හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා කියලා !,
ඒ නිසා ඒ ජාතිය මිනිස්සු හිතන්නේ අද දවස ගැන විතරයි ඉතින් ඒගොල්ලෝ තමාගේ මුලු දවසම තාවකාලික සතුට හොය හොයා අයාලේ යනවා එහෙම ගිහින් තමා ලග තියෙන දේ බොරු වැඩ වලට නාස්ති කරලා දානවා ඒත් ඒගොල්ලෝ හිතන විදියට එයාලා අද හෙට මැරෙන්නේ නෑ ඉතින් මොකද වෙන්නේ? එයාලා එදාට අසරන වෙනවා මොකද එයාලා හෙට දවසේ ජීවත් වෙන්න හිතපු නැති නිසා!.
ඒක නිසා අපි අපේ අනාගතය ගැනත් හිතලා වැඩ කරන්න ඕන මොකද හැමදේම අපිට ඕන විදියට උඩින් වැටෙන්නේ නෑ ඒ වගේම හැමදේම අපි හිතන විදියට වෙන්නෙත් නෑ,
ඒ නිසා අර මිනිස්සු ජාතිය වගේ තමන්ගේ කාලය තාවකාලික සතුට ගැන විතරක් හිතන්නේ නැතුව ඒ දේවල් තමන්ගේ අනාගතය ට කොහොම බලපායි ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න!.
තමන් ගැන උවමනාවක් නැත්නම් තමන්ගේ පවුල ගැන හිතලා වැඩ කරන්න!. තමන්ගේ තාත්තා, අම්මා, මල්ලී, නංගී, අක්කා, අයියා, සීයා, ආච්චි නැත්නම් තමන්ගේ බිරිඳ, ලමයින්ට කොහොමද හොද අනාගතයක් හදලා දෙන්නේ කියලා ? කොහොමද එයාලට හොදට සලකන්නේ කියලා.
සල්ලි හම්බුනාම සතුටින් ඉන්න පුලුවන් ද?
දැන් සමහරු කියන්න පුලුවන් සල්ලි තියෙන්න ඕනම ද සතුටින් ඉන්න කියලා,
ඒකට දෙන්න මං ලග සරල උත්තර 2ක් තියෙනවා, 1 - නෑ සහ 2 - ඔව්.
ඔව් අපිට සතුටින් ඉන්න සල්ලි ඕනෙම නෑ ඒ වගේම අපිට සල්ලි නැතුව හැම සතුටක් ම ලබාගන්නත් බෑ!.
හිතන්න ඔයා අද කන කෑම වේලක වටිනා කම? ඒ වගේ කෑම වේලක් කන්න ඔයා කොච්චර වැඩ කරන්න ඕනෙ ද? නැත්නම් ඔයාට ඒ කෑම නිකන් අහසින් කඩන් වැටෙනවාද ?.
ඔයා ලෙඩ වුනාම යන්න වෙන්නේ වැඩි සැප පහසුකම් නැති රජයේ රෝහලකට නම් ?. ශල්‍යකර්මයක් හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර කරන්න ගිහින් පෝලිමේ මාස ගානක් ඉන්න වෙනවා නම්?.
ඔයාට සල්ලි තිබුනා නම් පෞද්ගලික රෝහලකට ගිහිල්ලා තමන්ගේ ලෙඩේට පහසුවෙන් ප්‍රතිකාර කරගෙන හෝ තමන්ගේ පවුලේ තාත්තා ට අම්මාට ලෙඩක් හැදුනම හොද වෛද්‍ය පහසුකම් ලබාදෙන්න පුලුවන් වෙනවා කනගාටුවක් නැතුව.
අද ලංකාවේ මිනිස්සු ආර්ථිකය අතින් කොච්චර දුක් විදිනවද, කන්න බොන්න නැතුව, ඉන්න තැනක් නැතුව, අධ්‍යාපනය ට අවශ්‍ය වියදම් දරාගන්න බැරුව, ලෙඩකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න වත්කමක් නැතුව!,
ඒ එ මිනිස්සුන්ගේ නොදැනුවත්වකම හා උවමනාවක් නැති නිසා.
ලංකාවේ දැනට තියෙන ආර්ථික තත්ත්වය ට අනුව ලෙඩකට හරි වෛද්‍ය ප්‍රතිකාරයක් වත් ලංකාව ඇතුලෙන් ලබාගන්න විදියක් නෑ, අද කාලේ ගොඩක් ලෙඩ වලට ප්‍රතිකාර කරන්න පිට රටවල් ගානෙ යන්න ඕන, ලංකාවේ ඒවාට අවශ්‍ය හරි වෛද්‍යවරුන් වත් බිහි වෙලා නෑ.
මේ සුලු උදාහරණ කීපයක් විතරයි!
ඉතින් කියන්න සල්ලි වැදගත් නැද්ද ජීවිතය ට?.
සල්ලි ඉතුරු කරන මිනිස්සු.
මේ මිනිස්සු කොට්ටාශය ගැන කතා කරොත්, එයාලා හරි දක්ශයි තමාට ලැබෙන මුදල් වලින් කොටසක් ඉතුරු කරන්න! එයාලා හිතන්නේ එයාලගේ සොච්චම් පඩියෙන් මුදල් කොටසක් ඉතුරු කර පමනින් අනාගතයෙදී එයාලගේ සල්ලි පැටවු ගහනවා කියලා,
මෙයාලා එක්තරා පන්ඩිත සහ අලුත් දෙයක් කරන්න බය ජාතියක්!. එයාලා එයාලගේ මාසේ පඩිය මුලු ජීවිත කාලෙටම ඇතී කියලා හිතාගෙන ජීවත් වෙන ජාතියක් ඒත් දවසක හදිසි අවස්තාවකට ගන්න සල්ලි ඕන වුනොත් මෙයාලා අමාරුවේ වැටෙනවා, මොකද මෙයාලට තියෙන්නේ මාසේ පඩියේ ආදායම සහ අර ඉතුරු කරපු සොච්චම විතරක් නිසා.
ඒ නිසා හොදට හිතන්න සල්ලි එකතු කරලා තියාගත්තා කියලා ඔයාලට බෑ සාර්තකව ධනවත් වෙන්න!.
එහෙමයි කියලා මං කියන්නේ නෑ සල්ලි ඉතුරු කරන්න එපා කියලා!.
මං තේරුම් කරන්න හදන්නේ තමන්ගේ ඉතුරු කරපු මුදල් කොහොමද තමාගේ ඉදිරි අනාගතය ට වටින විදියට පාවිච්චි කරන්න ඕන කියලා!.
අපි සතුටු වෙන්න ඕන නැද්ද ?
අනිවාර්යයෙන් ම අපි මේ හැම දෙයක් ම කරන්නේ අපේ සතුට වෙනුවෙන්!
මං මේ දේවල් වලින් අදහස් කරන්නේ නෑ අපි සතුටින් ඉන්න ඕනේ නෑ කියලා ඒ වගේම ඔක්කොම ඇතෑරලා සල්ලි පස්සෙම දුවන්න ඕන කියලාත්!,
මං කියන්න උත්සාහ කරන්නේ, හිතන්න ඔයාල දැන් කාලය හරියට පාවිච්චි කරලා ඔයාගේ අනාගතය ට වැදගත් දේවල් වලට වැඩි අවධානයක් දීලා ඉතුරු කාල සීමාව තමන්ගේ සතුට වෙනුවෙන් වැය කරන්න කියලා යි!,
එහෙම කරන්න පුලුවන් නම් ඔයාලට හොද ජීවිතයක් සහ හොද වැඩ දායී පුරුදු හදාගන්න පුලුවන්!.
ඉතින් නිතරම ඔයා කරන වැඩ ගැන හිතලා බලන්න!,
ඔයාගෙන්ම අහලා බලන්න මේ මං කරන දේවල් ඇත්තටම වැදගත් ද කියලා ?
ඔයාගේ පවුලේ ආර්ථික වටපිටාව බලලා හිතන්න මං මේ කරන දේවල් හරි ද කියලා ?
හිතන්න මං හැමදාම ත් මගේ තාවකාලික සතුට ගැන විතරක් උනන්දු වෙනවා ද නැත්නම් මටයි මගේ පවුලේ අනාගතය ට වැදගත් දෙයක් කරනවා ද කියලා?.
ඔයාම තීරණය කරන්න!!!!!!!!!!!!!!!!!!!!!.
මං මට පුලුවන් විදියට ඔයාලට මං දන්න දේවල් කියලා දෙන්නම් ඒත් ඔයාට යි ඔයාගේ ජීවිතයේ වගකීම තියෙන්නේ!,
ඉතින් හොදට මතක තියාගන්න අපි මේ ලොකේ හැමදාම ඉන්න ආපු කට්ටිය නෙවෙයි ඒක නිසා තමන්ට හා ලෝකේ අනිත් මිනිස්සුන් ට වැදගත් හොද දෙයක් කරලා යන්න අමතක කරන්න එපා!, මොකද අන්තිමට ඉතුරු වෙන්නේ කරපු දේවල් විතරයි!,
ඒක නිසා ඉන්න ටිකේ වැඩ දායී දේවල් කරලා යන්න කියලා තමයි මගේ තියෙන එකම ඉල්ලීම!.
හරි යාලුවනේ මේ Blog එක හිතුවට වඩා දික් වුනා ඒක නිසා මං මෙතනින් ඉවර කරනවා ඒ වගේම තව වැදගත් Blogs ඉස්සරහට එන්න තියෙනවා!.
එහෙනම් සාර්තක අනාගතයක් ප්‍රාර්ථනා කරනාවා ඔයාලට!.
